පොලී අනුපාත ගැන මහ බැංකුවෙ හෙලි දරව්ව - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Sunday, January 28, 2024

පොලී අනුපාත ගැන මහ බැංකුවෙ හෙලි දරව්ව


පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.


2024/01/22 පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනය කළේය.


මධ්‍ය කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර සාර්ව ආර්ථික වර්ධනයන් පිළිබඳ සවිස්තරාත්මක තක්සේරුවකින් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත.


වෙළෙඳපල ණය පොලී අනුපාත තවදුරටත් අඩුකිරීමේ අපේක්ෂිත ප්‍රතිලාභය මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස සහ කඩිනමින් ලබාදිය යුතු බව මණ්ඩලය අවධාරනය කර ඇත.

No comments:

Post a Comment


Pages